May 21, 2024

අත්අඩංගුවට ගත් පළාත් ඇමති ප්‍රමිතට ඇප 

පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇප මත නිදහස් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 31 වැනි දා සිදුවූ පහරදීමේ සිද්ධියකට අදාළව අද (02) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ තෙන්නකෝන් මහතා සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි. 

එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් දෙදෙනා නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කර තිබේ.

පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රීලනිප උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයෙකි.

Rate this item
(0 votes)