May 20, 2024

මැණික් ගගේ දිය නෑ තරුණයා කිඹුලෙකුට බිලිවෙයි

කතරගම මැණික් ගගේ දේවාල තොටුපොල අසළ දී අද(02) කිඹුලෙකුට ගොදුරු වු තරුණයාගේ මළ සිරුර පැය තුනක සෝදිසි මෙහෙයුමකින් පසු කතරගම පොලිසියේ හා ප‍්‍රදේශයේවාසීන් විසින් සොයා ගැනීමට සමත්විය. 

කතරගම පොලිස් ස්ථානාධිපති ජයසම්පත් එදිරිසිංහ මහතා වෙත ලැබුණු දුරකතන ඇමතුමක් අනුව ඔහු ද එම ස්ථානයට පැමිණ තිබේ.

කතරගම දේවාලයේ දිය කැපුම් වැල්ල ආසන්නයේ දි මෙම තරුණයා මෙම කිඹුලාට ගොදුරු වී ඇති අතර මෙම අවස්ථාවේ ගගේ දිය නාමින් සිට කීප දෙනෙකු ද මෙම සිද්ධිය දැක ඇතැයි වාර්තාවේ. පසුව පැයක් පමණ දියේ කිමිදී කිඹුලා අල්ලා ගෙන සිටි තරුණයාගේ මළසිරුර බේරා ගැණිමට පුද්ගලයෙකු සමත්වි ඇත. 

මේ අතර කතරගම ඇසළ පෙරහැර අවසන් වු දින රාති‍්‍රයේ ද එක් කාන්තාවක් හදිසියේ හෘදායාභාදයකින් මියගිය අතර මෙය පෙරහැරින් පසු සිදු වු දෙවැනි හදිසි මරණයයි.  

මෙම සිදු වීම නිසා අද(02) උදෑසන කතරගම මහා දේවාලය පැයකීපයක් වසා තිබු අතර පසුව මියගිය පුද්ගලයා මැණික් ගගෙන් ගොඩ ගැනීමෙන් පසු දේවාලය සදුන් කිරි පැන් ඉස විවෘත කර ඇත.

Rate this item
(0 votes)