May 20, 2024

ඡන්ද නීති කැඩූ පෙරටුගාමීන් 2ක් අත්අඩංගුවට

පුත්තලම වනාතවිල්ලුවේ දී ඡන්ද නීති උල්ලංඝණය කළැයි සැකපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ලොරි රථයකින් වනාතවිල්ලුව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටිමින් මැතිවරණ නීති උල්ලංඝණය කළැයි මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් අදාළ ලොරි රථය ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අපේක්ෂකයින් දෙදෙනා අද(02) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Rate this item
(0 votes)