May 20, 2024

තාජුදීන්ගේ සුසාන භූමියට පොලිස් ආරක්ෂාව 

දත් සහ ඉල ඇට කඩා වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසල දී අභිරහස් ලෙස මරා දැමූ  තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මරණයට පත් වූ බව ඇඟවෙන සේ මරා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් ප්‍රභූවරයෙකුගේ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යන බව ද වාර්තා වේ.

2012 මැයි 16 වැනි දා ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ කාලයේදී පොලිසිය පැවසූවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.

මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලයකුගේ පුතකු පිළිබඳ සැක මතු වී තිබිණි.

 

Rate this item
(0 votes)