May 20, 2024

යාල වනෝද්‍යානය මාසයක් වසා දමයි

යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් 07 වැනිදා සිට ඔක්තෝම්බර් 07 වැනිදා දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

රුහුණු (යාල) ජාතික උද්‍යානයට දැනට පවතින නියං සමය හේතුවෙන්, එහි වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත. 

සෑම වසරක ම අගෝස්තු - සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

 

Rate this item
(1 Vote)