May 20, 2024

අටමස්ථානය වැඳ පුදා ගැනීමට සුපිරි බස් සේවාවක්

රට පුරා විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර ක්‍රියාත්මක බස් රථ සේවාව සඳහා සුඛෝපබෝගි බස් රථ 04 ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාවට පසුගිය 31 වැනිදා සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව මේ සඳහා එක් විය. 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් මෙලෙස ප්‍රදානය කෙරුණු අතර එම බස් රථ ධාවනයේ යොදවමින් පළමු ටිකට්පත ද ජනාධිපතිවරයා විසින් මිලදී ගනු ලැබීය. 

සුඛෝපබෝගි බස් රථ සේවාව යටතේ කි.මි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 100 කි. 

අටමස්ථානය වැඳ පුදා ගැනීමේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් වශයෙන් මෙම බස් රථ සේවාව ආරම්භ කර තිබේ.

 

Rate this item
(0 votes)