May 20, 2024

පොලිස් ලොක්කාගේ වාහනයට යටවී ඇමති දුමින්දගේ අධාරකරුවෙකු මරුට (PHOTOS) 

එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මිහින්තලය, රඹෑව නගරයේදී අද (01) පස්වරුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු පැදවූ වෑන් රථයකට යටවීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති අතර මැදවච්චිය සිට අනුරාධපුර දෙසට ධාවනය වූ මෙම වෑන් රථය එම ස්ථානයේ සිටි පිරිස යටකර පළාගොස් ඇත.

එහිදී බරපතළ  තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සහ එක් කාන්තාවක් රෝහල් ගත කර ඇති අතර එක් පිරිමි පුද්ගලයෙකු එහිදි ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රඹෑව ප්‍රදේශයේම පදිංචිව සිටි  22 හැවිරිදි දුමින්ද කුමාර නැමති තරුණයෙක්. 

තුවාල ලෑබුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අදාළ වෑන් රථය පදවා ඇත්තේ  අනුරාධපුර පොලිසියට අනියුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරික්ෂකයෙකු බව ද පොලීසිය පැවසී ය.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පැදවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද පස්වරුවේ මිහින්තලේ පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. 

(ඡායාරූප - අතුල බණ්ඩාර)

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 August 2015 22:28