May 20, 2024

සුජීව සේනසිංහටත් නොතීසි?

අතුරුගිරියේ හබරකඩ දී එජාප ඡන්ද රැළියක දී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැණ වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇත.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට යන බව වාර්තා වේ.

මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 August 2015 11:09