May 20, 2024

ඡන්ද හිමියන් දැනුවත් කිරීමට කැෆේ 'ගමින් ගමට' යයි

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලංකාවේ සියලු දිස්ත්‍රික් ආවරණයවන පරිදි ක්‍රියත්මකවන ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කැෆේ සංවිධානය අද (01) ආරම්භ කර තිබේ.

කතරගම නගරයේ දී හා යාපනය රෝහල අසල දී  අද පෙරවරු 09.30ට ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත් විය. සංස්කෘතික අංග රැසකින් මෙම වැඩසටහන විචිත්‍රවත් වී ඇත.

'මම පිරිසිදු ඡන්දදායකයෙකුමි' මැයෙන් අගෝස්තු 01 වැනි දා සිට 14 වැනි දා දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74 ක දී මේ යටතේ ඡන්දහිමියන් දැනුවත් කෙරේ. ඡන්දය දෙන්නේ කෙසේ ද? ඡන්දය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය හැඳුණුම්පත් වර්ග පිළිබඳ අත්පත්‍රිකා, පෝස්ටර් මෙහි දී බෙදා දෙන බව කැෆේ සංවිධානය පවසයි.

එසේම මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 804 ක් වාර්තා වී ඇත. ඉන් සිදුවීම් 751 ක්  මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. සිදුවීම් 53 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 August 2015 10:45