May 20, 2024

ඉන්දියාවෙන් රන් ගෙනා ලාංකිකයෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අද (01) අළුයම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.

ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබ්ලිව් 256 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සැකකරු පිළිබඳ ගුවන් නියමුවා දුන් තොරතුරක් මත රේගුව විසින්  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මල්ලේ තිබී අදාල රන් බිස්කට් තොගය සොයා ගෙන තිබේ.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රෝහණ ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍ර උක්වත්ත මහතා ඇතළු නිලධාරීනි විසින් සිදු කරයි.

 

Rate this item
(0 votes)