May 12, 2024

ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවේ ප්‍රකට හා ප්‍රමුඛ පෙළ නැව් සමාගමක් වන Greenlanka Shipping හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන ප්‍රශාන් නානායක්කාර මහතා ස්ත්‍රී දූෂණ චෝදනාවක් යටතේ ඊයේ දින (29) පොලිස් අත්අඩංගුවට පත් විය.
 
ඔහුට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබූ තරුණිය පවසන්නේ අවුරුදු 10 ක් පුරා ඉහත පැවසූ පුද්ගලයාගේ ලිංගික හා ශාරීරික අතවර වලට මුහුණ දීමට තමාට සිදු වූ බවයි. කිහිප විටක්ම ඔහු තමාව දරුණු ලෙස දූෂණයට ලක්කළ බවත් ඇය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලේ සඳහන් 
වේ.
 
ඇය විසින් පවසන පරිදි මෙම පුද්ගලයාට එරෙහිව ප්‍රථමයෙන් පැමිණිලි කර ඇත්තේ 2013  වසරේදී වන අතර පොලිසිය එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා පොලිස්පති වරයා හමුවට යාමට ඇය කටයුතු කර ඇති අතර පොලිස්පති වරයා විසින් එම පැමිණිල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇත.
 
තමා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් නිෂ්පාදනය කරන ලද ජනප්‍රිය ළමා වැඩසටහන් කිහිපයකට පෙනී සිටිය බවත් මෙම ව්‍යාපාරිකයා හමුවූවේ 2004 වසරේදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී බවත් ඇය පවසා තිබුණි. එවකට තමා 12 හැවිරිදි වියේ පසුවූ බව පැමිණිල්ලේ සඳහන් වේ.
 
එම වැඩසටහන අතරතුරදී ව්‍යාපාරිකයා විසින් ඔහුගේ දුරකථන අංකයත් සමඟ ඇයට චොකලට් පෙට්ටියක් තෑගි කර ඇත. අනතුරුව දුරකථනය හරහා ඇති වූ සම්බන්ධයත් සමඟ අමතර පන්ති තිබූ දිනවල හෝටල් හා මහල් නිවාස වලට ඇය රැගෙන යන ඔහු ඇයව දූෂණය කර ඇත. තමාගේ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කීප විටක්ම මෙම ව්‍යාපාරිකයා දරුණු ලෙස තමාට පහර දුන් බවත් එක් අවස්ථාවක එසේ පහරදීම නිසා සිය කණට වූ හානිය හේතුවෙන් පෞද්ගලික රෝහලක නැවතී ශල්‍යකර්මයක් කර ගැනීමටද සිදු වූ බවත් තරුණිය පවසා තිබේ.
 
පොලිස්පතිවරයා විසින් යොමු කර තිබූ පැමිණිල්ල පිලිබඳ විමර්ශන කටයුතු කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊට අදාලව 2014 වසරේ ජුනි මස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ කාරණය පිලිබඳ නීතිපති උපදෙස් ගන්නා බවය.. 
 
නීතිපතිවරයාගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඊයේ දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව රුපියල් මිලියනයක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
 
සිද්ධිය පිලිබඳ අධිකරණ කටයුතු සැප්තැම්බර් මස 16 වනදා සිදු කිරීමට නියමිතය.
Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 12:04