May 17, 2024

මිරිහානේ සුදු වෑන් රථය එල්.ටී.ටී.ඊය භාවිතා කළ එකක් - ගෝඨා හෙළි කරයි (VIDEO)

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වෑන් රථයක් බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින උදය ගම්මන්පිල මහතාට සහය පළකරමින් ඊයේ (21) පැවති ජන හමුවකට සහභාගීවෙමිනි.

එහි අංකයද ව්‍යාජ අංකයක් බවට හඳුනාගෙන ඇතැයිද එදා සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කළ පිරිස් වෙතින්, විශේෂයෙන්ම සෝභිත හිමියන්ගෙන් මේවාට විරුද්ධව කතා කරනවාදැයි විමසා සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

සිවිල් සමාජ සංවිධාන වෙතින් 'යහපාලනය යනු මේකදැයි'ප්‍රශ්න කරන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)