May 17, 2024

මර්වින් පිල් මාරු කරයි - සහය එක්සත් ජාතික පෙරමුණට (VIDEO)

හිටපු අමාත්‍ය, කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක මර්වින් සිල්වා මහතා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහයදීමට තීරණය කර තිබේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකු වී අවසන් වී ඇති බවත් දැන් එය රජයට පවරා ගත් සමාගමක් වී ඇති බවත් ඊයේ (21) කිරිබත්ගොඩ - සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ජන හමුවක් අමතමින් මර්වින් සිල්වා මහතා පැවසී ය.

තමන් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට සහයදීමට තීරණය කළ බවත් තමා ඡන්දේ නොඉල්ලන නිසා කැළණියේ ආසනයේ සියලු දෙනා අර්ජුන රණතුංග ඇමතිවරයාට සහය දැක්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ එක්සත් ජාතික පක්ෂ කැළණිය ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාද එක්ව සිටියහ. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 July 2015 09:52