May 17, 2024

තරගයේ ආරක්ෂාව තර කෙරේ - ප්‍රේක්ෂකයින්ට නීති රැසක් (PHOTOS)

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (22) පැවැත්වෙන සිව්වැනි එක් දින තරගයේ ආරක්ෂාව තර කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

එසේම ප්‍රේක්ෂකයින් රැගෙන එන ගමන් මලු ආදිය දැඩි  පරීක්ෂාවකට ලක් කරන බවත් හැකිතරම් අවම ද්‍රව්‍ය ක්‍රීඩා පිටියට රැගෙන එන ලෙසත් පොලිසිය විසින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙන අතර හූටර්ස්, මත්පැන්, ගිනිපෙට්ටි, වීදුරු බෝතල් ආදිය රැගෙන ඒම ද තහනම් කො‍ට තිබේ.

පසුගිය තරගයේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ දී ක්‍රීඩාංගණය වෙත පිටතින් ගල්මුල් ප්‍රහාර එල්ල වූ අතර, එය සැලකිල්ලට ගනිමින් ප්‍රේක්ෂකාගාරවල පිටුපස ඉහළ විවෘත ප්‍රදේශවලට ආරක්ෂිත දැල් යොදා ආවරණය කර ඇති බවත් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

ඡායාරූප පහතින්.

සබැඳි පුවත් - 

පිටියේ ගැටුමට සම්බන්ධ 4ක් අත්අඩංගුවට - සිද්ධියේ නවතම වීඩියෝව නරඹන්න (VIDEO)
ශ්‍රී ලංකා - පකිස්තානු තරගය අතරතුර සිදු වූ ගැටුම (VIDEO)
ඛෙත්තාරාමයේ ගැටුම ගැන පාකිස්තානු ප්‍රතිචාර




 

(ඡායාරූප - ලංකාදීප)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 July 2015 12:09