May 17, 2024

බස් දෙකක් ගැටී 69 රෝහලේ - මගියෙකුගේ කකුලක් රෝහලට ගෙනයයි (PHOTOS)

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශ‍යේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 69 දෙනෙකු අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අද (22) පෙරවරුවේ පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සිව්දෙනෙකු සාලාව රෝහලේ ද 65 දෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ද ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. 

අනතුරින් පසු බස් ඉවත් කරද්දි මගියකුගේ කකුලක් එහි තිබි අයිස්වල බහා පොලිස් මෝටර් සයිකලයක් මගින් අවිස්සාවේල්ල රෝහලට යැවු බව කොස්ගම පොලිසිය පවසයි.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 July 2015 11:18