May 19, 2024

'අපි ඡන්දෙ දුන්නෙත් මෛත්‍රීපාලට' - මහින්ද කියයි (VIDEO)

තව නොබෝ දිනකින් රට තුළ දක්නට ලැබෙනු ඇත්තේ ඇවිදින ඇටසැකිළි බඳු වූ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවක් බවත් ගත වූ මාස 07ක පමණ කාලය තුළ රටේ ආර්ථිකය බරපතල ලෙස පසුබෑමකට ලක්වී ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින (20) බත්තරමුල්ල තලංගම පිහිටි සමෘද්ධි සංවර්ධන හා සමස්ත ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පවතී නියෝජිත හමුවකදී ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය බලය ලබා ගත්තේ ජනතා ඡන්දයෙන් නොවන බව ය. "අපි මෙයාලට ඡන්දෙ දුන්නේ නෑ. අපි දුන්නෙ මෛත්‍රීපාලට" හිටපු ජනපතිවරයා පැවසුවේ ය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 21 July 2015 13:49