May 19, 2024

ජනපති වකුගඩු රෝහලේ නිරික්ෂණ චාරිකාවක (PHOTOS)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) දහවල් මාළිගාවත්ත පිහිටි වකුගඩු රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අද දහවල් රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම එහි ප්‍රතිකාර ලබන රෝගින්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

එමෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබන තම ඥාතීන් බැලීමට බොහෝ දුර බැහැර සිට පැමිණ සිටි පිරිස් සමගද සුහද කථා බහක නිරත වීමට අමතක නොකළේය.

රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලද හමුවූ ජනාධිපතිවරයා රෝහලේ ඉදිරි කටයුතු පිළිබද ඔවුන් සමග සාකච්ඡා කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලූ පිරිසක්ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)