June 26, 2024

‘මෛත්‍රී අපිව උස්සලා පොළවෙ ගැහුවා‘ - මෛත්‍රීගේ කතාවට එස්.බී කටඅරී (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සන්ධානයේ අපිව උස්සලා පොළෙවේ ගැසූ බවත් එම ප්‍රකාශය සන්ධානයට අවාසි වන බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී ය.

එහිදී දිසානායක මහතා මෙසේද පැවසී ය.

‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි 

‘මගේ ග්‍රාමිය සංවර්ධන ඇමති කමට උඩින් උසස් අධ්‍යාපන ඇමැතිකමත් දුන්නා. මම ටක් ගාල ජනාධිපතිතුමාට ගිහින් කිවුවා තමුන්නාන්සේට කුණුහරප පටාරමක් අහගන්න වෙයි, විශ්ව විද්‍යාල අයගෙන් මොකද මම කුණුකූඩෙට දාල කාණුවට දාල එළවලා හිටපු අය සේරම මෛත්‍රි ජනපතිතුමාට වැඩ කළ නිසා. ඒ නිසා මම අමාත්‍යධූරය අත් හැරියා. ඒ ඇමැතිකම සරත් අමුණුගම මහතාට දුන්නා‘ යැයිද අමාත්‍යවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝ - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Monday, 20 July 2015 09:59