May 19, 2024

මහින්ද වැට්ටුවේ මෛත්‍රී-රනිල් ට පුටුවේ තැප තැප ඉන්න නෙමෙයි - අනුර

"ජනවාරි 08 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැට්ටුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනාධිපති පුටුවේ තැප තැප ඉන්න නෙවෙයි. ජනවාරි මාසේ 08 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැට්ටුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති පුටුවේ තැප තැප ඉන්නත් නෙවෙයි.

ජනවාරි මාසේ 08 වෙනිදා මේ රටේ ජනතාව‍ගේ මහත් බලාපොරොත්තුවක් තිබුනා. එක පැත්තකින් මහා වංචනිකයන්ට දඬුවම් දෙන්න. අනික් පැත්තෙන් මහා ඝාතකයින්ට දඬුවම් දෙන්න. අනික් පැත්තෙන් ජනතාවට සහන ගන්න. අනික් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වැදගත් වූ ප්‍රතිසංශෝදනයන් ඉටුකර ගැනීම.

ඒක තමයි ජනවාරි මාසේ 08 වෙනිදා ජනතාවගේ අපේක්ෂාව, ඒක තමයි ජනවාරි මාසේ 08 වෙනිදා ජනතාවගේ බලාපොරොත්තුව, ඒක තමයි ජනවාරි මාසේ 08 වෙනිදා ජනතාවගේ වුවමනාව. අද මොකද්ද වෙලා තිබෙන්නේ? මෛත්‍රී-රනිල් ආන්ඩුව ජනවාරි මාසේ 08 වෙනිදා ඒ ජනතාව‍ගේ අපේක්ෂාවන් ජනතාවගේ අමුණු ජනතාවගේ වුවමනාවන් ඉටුකරන්න සමත්වෙලා නැහැ" යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ අද (18) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවති "ජන වරමට ගරු කරනු! දුන් පොරොන්දු ඉටු කරනු!" විරෝධාතවට එක්වෙමින්.

එම විරෝධතාවය බො‍රැල්ල මංසන්දියෙන් පාගමනකින් ඇරඹි අතර කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකින් අනතුරුව අනුර දිසානායක මහතා එම අදහස් පළ කළේය.

අනුර දිසානායක මහතා, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා එහිදී අදහස් දැක්විය.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 June 2015 20:54