May 19, 2024

ගෝල්ඩන් කී වත්කම් මුදල් බවට / මුදල් තැන්පත්කරුවන් අතට

සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ට සිය තැන්පතුවලින් සියයට 41 ක් ලබාදීමට රජය එකඟ වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දුන්නහ.

නීතිපතිවරයා වෙනුවෙන් අදාළ දැනුම් දීම සිදුකළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විසිනි. ඒ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අදියර 3 ක් යටතේ එම මුදල් ලබාදීමට රජය තීරණය කර ඇති බවය.

සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ට අදාළ මුදල් ලබාදීමට ගත් තීරණය පිළිබද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සදහා අද(18) පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පළ කළේය. 

ඒ අනුව රුපියල් මිලියන 2ක් සහ ඊට අඩු තැන්පත්කරුවන්ට මසක් ඇතුළත ද රුපියල් මිලියන දෙකේ සිට 10 දක්වා තැන්පත්කරුවන්ට මාස දෙකක් ඇතුළත ද මිලියන 10ට වැඩි තැන්පත්කරුවන්ට අවුරුද්දක් ඇතුළත ද අදාළ මුදල් ගෙවීමට නියමිතය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ වත්කම් මුදල් බවට පත් කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ. 

 

එමෙන්ම අදාළ ගෙවීම් සදහා අරමුදල් ලබාදීම පිණිස මහාභාණ්ඩාගාරය සමග එක්ව විධිවිධාන යෙදීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 

Rate this item
(0 votes)