May 19, 2024

අධිවේගි මාර්ග ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න රජය තීරණය කරයි

ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්, මුදල් අමාත්‍යංශ නියෝජිතයින් ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (18) හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ප්‍රමුඛතාව සලකා බැලිමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති නිම කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

එම හමුවට සහභාගී වූ මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවසුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘති එලෙසින්ම ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

Rate this item
(0 votes)