May 19, 2024

එජාපයෙන් දේශපාලන තීරණ රැසක් - හදිසියේ කෘත්‍යාධීකාරි මණ්ඩලය කැඳවයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි.

දේශපාලන වශයෙන් වැදගත් එකඟතා කිහිපයකට පැමිණීමේ අරමුණින් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයින්ට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.

20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන්ද අද රැස්වන කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බව වාර්තාවෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 June 2015 12:32