May 19, 2024

රජයට කරන්න බැරි 20 අපි කරලා පෙන්වන්නම් - ඩිලාන් (VIDEO)

20 වන සංශෝධනයට රජය අකමැති බවත්, රජයට නොහැකි නම් තමන් ඇතුළු විපක්ෂය ජනතාව වෙනුවෙන් එය ක්‍රියාත්මක කර පෙන්වන්නට සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
 
ඔහු මේ අදහස් පල කළේ අද (18) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
 
ඩිලාන් පෙරේරා මහතාගේ අදහස් දැක්වීම පහත පරිදි විය.
 
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්න පත් කරපු කමිටුව අහෝසි බවට සමහරු රතු එළි දල්වලා තිබුණා. මෙතැන රතු එළියක් නෑ. අපි දැල්වූයේ එජාපයට ගෙදර යන්න කියන රතු එළියයි. අපි රජයට කියනවා දැන් බඩු පැක් කරගෙන ගෙදරයන්න ලෑස්ති වෙන්න. 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය කැමති නෑ. ඒ නිසා අපි ඒක ජනතාව වෙනුවෙන් කරලා පෙන්වන්නම්. ඒ වගේම නිදහස් පක්ෂය කඩලා එක්සත් ජාතික පක්ෂයට පාවලා දෙන්න එපා කියලා චන්ද්‍රිකා මැතිණියට වැඳලා කියනවා. මහින්ද - මෛත්‍රී පෙරටු කරගත් ආණ්ඩුවක් පිහිටුවා අපි රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයනවා."
 
මෙම මාධ්‍ය හමුව සඳහා වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්ද, ඒ. එච්. එම්. හිස්බුල්ලා, ප්‍රභා ගනේෂන් ඇතුළු විපක්ෂයේ සන්ධානගත මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.
 
වීඩියෝව පහතින්.
 
වීඩියෝ - ලංකාදීප
Rate this item
(0 votes)
Last modified on Thursday, 18 June 2015 16:57