May 19, 2024

විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු වෙයි

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 1000 දක්වා අඩු කිරීමේ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනානායක මහතා පැවසීය.

මෙම සංශෝධනය 2015.03.16 වැනි දින සිට ක්‍රියාත්මක වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)