May 19, 2024

ජෙලිෆිෂ් නිසා මුහුදේ දිය නෑමේදී ප්‍රවේශම්වන්න

ජෙලි ෆිෂ් සංඛ්‍යාව වැඩි වීමක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර මුහුදේ දිය නෑමට යන විට අවධානයෙන් සිටින ලෙස පරිසරවේදීහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

ජෙලිෆිෂ් නැමැති මුහුදු ජීවින් විශේෂයකි. මෙම ජෙලි ෆිෂ් මුහුදු ජීවින් ශ‍්‍රී ලංකාව අවට මුහුදේ සිටියි. 

වෙරළ කලාපවල නොගැඹුරු මුහුදේ සිට ගැඹුරු මුහුද දක්වා ජෙලි ෆිෂ් සිටිනු දක්නට ලැබෙන බවත් මැයි සහ අගෝස්තු යන මාස අතර ද ජෙලි ෆිෂ් වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.

නොගැඹුරු ජලයේ දිය නෑමේ දී වඩා ප්‍රවේශම් සහගත විය යුතු බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

කෙසේවෙතත් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිලිබද අවධානයෙන් සිටිම වැදගත් වේ.

Rate this item
(0 votes)