May 19, 2024

ශ්‍රීලනිප තරුණ පෙරමුණේ තනතුරු වෙනස්වන ලකුණු 

මේ වසරේදී පවත්වන නිලවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ධූරයෙන් තමන් ඉවත් වී ගමකින් එන තරුණයෙකුට එය ලබාදෙන බව එහි වත්මන් සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවකදී ය.

තරුණ පෙරමුණේ දැනට දරන තනතුරු සියල්ල වෙනස්වීමට ඉඩ තිබෙන බවත්, තරුණ පෙරමුණේ නිලවරණයට සමගාමීව ආසන මට්ටමින් බලමණ්ඩල පිහිටුවාගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

වයස අවුරුදු 35ට අඩු සියලු පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් තරුණ පෙරමුණේ සාමාජිකත්වයට නිල වශයෙන් පත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)