May 19, 2024

හිටපු දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට

හිටපු දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මහනුවර විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ රජයේ රක්ෂිතවලින් අනවසරයෙන් බොරළු කැපීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා අද (18) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)