May 18, 2024

‘ඇයි මගේ වම් පස දිහා බලන්න‘ - ඊලඟ අගමැතිව අනුර යාපා පෙන්වයි (VIDEO)

සාමාන්‍ය සම්ප්‍රදාය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අගමැතිවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (17) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

එහිදී ඊළඟට අගමැති වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූවේ ‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමයි ආණ්ඩුවක් පිහිටවූ විට අගමැති වෙන්නේ. ඇයි මගේ වම් පැත්ත බලන්නේ නැත්තේ.‘ 

ඒ වන විට ඔහුගේ වම් පසින් වාඩි වී සිටියේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 June 2015 10:05