May 18, 2024

පොල් තෙල් හැර අනෙක් තෙල් බදු ඉහළට

පොල් තෙල් හැර ආහාරයට ගන්නා ආනයනික අනෙකුත් තෙල් වර්ගයන් හි බොරතෙල් සඳහා මෙතෙක් පැවති ආනයනික බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව, කිලෝ ග්‍රෑමයකට රු.90/- ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා රු.110/- ක් දක්වා ඉහළ දමා තිබේ.

දේශීය වෙළෙඳ පොළ තුළ පොල් මිල හා පොල්තෙල් මිල ඉහළ යාම හා ආනයනික පොල්තෙල් නොවන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ග, පොල්තෙල් සමග මිශ්‍රකර අලෙවි කිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි හේතුවෙන්, එවැනි කූඨ වෙළෙඳාම් අධෛර්යමත් කිරීම පහසු වන පරිදි මෙරටට ආනයනය කරන ආහාරයට ගනු ලබන  අනෙකුත් තෙල් වර්ගයන්හි බොරතෙල් සඳහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ද සංශෝධනය කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි.

 

 

 

Rate this item
(0 votes)