May 18, 2024

20 ගැසට් නිවේදනය මෙතැනින් කියවන්න

ඊයේ රාත්‍රිෙය් ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් කරණු ලැබූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (17) සවස සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් ද ප්‍රසිද්ධ කෙරුණි.

ඒ අනුව ඉකුත් දා කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා සංශෝධනය අග‍්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් පත‍්‍රයක් ලෙස මුද්‍රණය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාව, එකී ව්‍යවස්ථාවේ පළමු වන අනු ව්‍යවස්ථාව හෙවත් පැවති මැතිවරණ ක‍්‍රමය පිළිබඳ කොටස ඉවත් කොට ඒ වෙනුවට 20 වන සංශෝධනය ලෙස නව අනු ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආදේශ කිරීම මෙමගින් සිදුවනවා ඇති.

මැතිවරණ කොට්ඨාස මට්ටමින් මන්ත‍්‍රීවරුන් 145 දෙනෙකු ඇතුළු මන්ත‍්‍රීවරුන් 237 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා ගැනීම කේන්ද්‍ර කරගනිමින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්ව තිබෙනවා.

එම ගැසට් නිවේදනය මේ ලින්ක් එකින් කියවන්න... 

http://documents.gov.lk/Bills/2015/20th%20Amendment/20th%20Amendment%20(S).pdf 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 June 2015 19:53