May 18, 2024

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ අද පාරට බහී

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, මන්ත්‍රිවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය සම්මත කිරීම, ජාතික විගණන කොමිෂන් සභාව පිහිටුවීම, ඹෟෂධ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වැනි ආණ්ඩුව විසින් පොරොන්දු වූ මූලික කාරණා ගණනාවක් අමතක කිරීමට එරෙහිව විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද (18) කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට නියමිතය.

'ජනවරමට ගරු කරනු දුන් පොරොන්දු ඉටුකරනු' යන තේමාව මූලික කරගනිමින් අද සවස 3.00ට පුංචි බොරැල්ලෙන් මේ විරෝධතා පාගමන ආරම්භ කිරීමට නියමිතය.

විරෝධතා පාගමන මරදාන පාර ඔස්සේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දක්වා පැමිණීමට නියමිතය.

මේ විරෝධතා ව්‍යාපාරය සඳහා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ.ඩී. ලාල් කාන්ත යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ නායකයන් වෘත්තීය සමිති සහ පාක්ෂිකයන් රැසක්ද සහභාගිවීමට නියමිතය.

Rate this item
(0 votes)