May 18, 2024

කොරියානු භාෂා විභාගය ලිව්වට රැකියා දෙන්නේ මෙච්චරයි

14 වන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පසුගියදා නිමාවට පත් වූ අතර එම විභාගය සඳහා අපේක්‍ෂකයින් 12,201 දෙනෙකු පෙනී සිට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

මෙවර විභාගයෙන් 5000ක් පමණ තෝරා ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු කම්කරු අමාත්‍යංශයේ හා මානව සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා එරට දී සාකච්ඡා කර තිබේ. 

එම සාකච්ඡාවේදී මෙවර විභාගය සමත්වන අපේක්‍ෂකයින් 5000කට එරට නිෂ්පාදන අංශයේ රැකියා ලබාදීමට එකඟ වී ඇතැයි ද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 

මෙවර විභාගය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, කොරියානු භාෂා විභාගය සමත් වූ පමණින් අනිවාර්යයෙන් රැකියාවක් ලබාදීමට බැඳී නොසිටින බවයි. එය එරට රැකියාවක් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම පමණක් වන බවද ඇය සඳහන් කළාය. 

කොළඹ පිහිටි මධ්‍යස්ථාන 4ක විභාගය පැවැත්විණි. මෙවර විභාගයට අපේක්‍ෂකයින් 881 දෙනෙකු පැමිණ නොමැත.

Rate this item
(2 votes)