May 18, 2024

රනිල් - මෛත්‍රී ක්‍රියාත්මක කරන බලකායක් ගැන ඇමති සජිත් කියයි (VIDEO)

ජනාධිපතිවරයා‍ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් රට ගොඩනගන බලකාය ක්‍රියාත්මක කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

රටේ ජනතාවට සහන දෙන්න රජය උත්සාහ කරන විට මේ රට වනසපු එතනෝල්, කැසිනෝ, ස්ත්‍රී දූෂන බලකාය අද හන්දියක් හන්දියක් පාසා උද්ඝෝෂණ පවත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පොඩි මිනිහට සල්ලි ලැබෙන විට උද්ඝෝෂණ කරන බවත් පසුගිය සමයේ බලුකාය දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් අරලියගහ මන්දිර හා ජනාධිපති මන්දිර ඉදිකරන විට උද්ඝෝෂණ නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

‘එදා ක්‍රියාත්මක බලුකායෙයි අද ක්‍රියාත්මක වන සංවර්ධන බලකායෙයි වෙනස‘ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)