May 18, 2024

"මම නැමෙන්නේ පක්ෂ නායකත්වයට පමණයි" - අනුර යාපා

පක්ෂ නායකයා කියන දේට හැර අනෙක් පුද්ගලයන් කියන දේට තමන් නැමෙන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා මහතා පවසයි.
 
ඔහු මේ අදහස් පල කළේ අද (17) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරමින් පැවැත්වෙන රැළිවලට යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී ඒ මහතා මෙම අදහස් පල කළේ ය.
 
පක්ෂයේ මන්ත්‍රීවරු විවිධ ස්ථානවල මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අතර එයට පිළිතුරු දුන් යාපා මහතා ප්‍රකාශ කළේ වෙන වෙන තැන් වල නොව අද සිට පක්ෂ මූලස්ථානයේදීම එම මාධ්‍ය හමු පවත්වන ලෙස ඉල්ලා සිටින බව යි. එය නියෝගයක් නොවන බව ද ඔහු කියා සිටියේ ය.
 
 
Rate this item
(0 votes)