May 18, 2024

සම්ප්‍රදාය ඉටු කරමින් නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාරගත් එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.

සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒ බව රාජ්‍ය නායකයා වෙත සැල කිරීමේ සම්ප්‍රදාය ඉටු කරමින් නව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ජනාධිපතිවරයා හමු විය.

ගගන බුලත්සිංහල මහතා ශ්‍රී ලංකාවේ 15 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

ඔහු එම ධූරයේ වැඩ භාරගත්තේ ඊයේ (16) දිනයේදීය. 

 

Rate this item
(0 votes)