May 22, 2024

තිස්ස අල්ලස් කොමිසමට එයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානයක මහතා අද(17) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

ඒ අනුව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණි බව වාර්තා වේ.

පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණය ආසන්නයේදී තිස්ස අත්තනායක මහතා එජා‍ප මහලේකම් තනතුර හැර මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට සහයදීමට එක්වූ අතර පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධූරය පිරිනැමිණි.

ඔහු අද අල්ලස් කොමිසමෙන් කැඳවීම කර ඇත්තේ ඒ ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බව වාර්තාවේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 June 2015 23:08