May 08, 2024

ලලිත් කොතලාවගේ බිරිය ගැන වාර්තාවක් දෙන්නැයි රහස් පොලීසියට නියෝග

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (16) නියෝග කළාය.

ඇය එම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට වරෙන්තු නිකුත් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසී ය.

 

Rate this item
(0 votes)