May 08, 2024

ඇප දුන්නත් 'බැසිල්' තවමත් රෝහලේ 

ඇපමත මුදා හැරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.

දිවිනැගුම මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඊයේ අධිකරණයට ඉදිරිපත් පත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය. 

කෙසේවෙතත් අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක සති කිහිපයක සිට ප‍්‍රතිකාර ලබමින් සිටියි. 

වෛද්‍ය උපදෙස් මත ඒ මහතාට තවත් දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ රැදී සිටිමට සිදුවන බව වාර්තා කරයි.

 

Rate this item
(0 votes)