May 07, 2024

දැඩි කොන්දේසි මත වාස් ඇතුළු 5කට ඇප

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීමට අනුබල දුන්නැයි වසර දෙකක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 05දෙනෙකුට කොළඹ මහාධිකරණය ඇප ලබාදී තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මාදා හැරි ඔවුන්ට දැඩි ඇප කොන්දේසි පැනවිණි. ඔවුන්ට සෑම සතියකම බදාදා සහ සිකුරාදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සේනාරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ලකින් අද (16) ඇප නියම කර ඇත.

බම්බලපිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

වසර 2ට ආසන්න කාලයක් තිස්සේ මෙම ඝාතන නඩුවේ සැකකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබිණි.

නමුත් ඔවුන් විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසු ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් ඇප නි‍යම කර ඇත.

නමුත් නීති විරෝධී ලෙස ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් වාස් ගුණවර්ධන මහතාට රිමාන්ඩ් බාරයේ රැඳී සිටීමට සිදුවනු ඇත.

Rate this item
(1 Vote)