May 07, 2024

‘FCID නිලධාරීන් ආවොත් දොරපොල්ල ගන්න‘ - අජිත් කියයි (VIDEO)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල එකක් නොවන බවත් යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට එන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව ගල් නොව දොරපොල්ල අතට ගන්නැයි හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතාගේ නඩුව සඳහා ඊයේ (15) අලුත්කඩේ උසාවියට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

දෝෂාභියෝගයක් ගෙන ආ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් ජනවාරී 9 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම්දීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයෙකු ලෙස දිවුරුම්දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් මේජර් අජිත්  ප්‍රසන්න මහතා පැවසී ය.

එලෙස නීති විරෝධී ලෙස අගමැතිවරයෙකු ලෙස පත්වූ අගමැතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් පත් කර නීති විරෝධී කටයුතු කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පොලිස් ආඥා පනත යටතේ එම කොට්ඨාසය පිහිටුවා ඇති බවත් එම ආඥා පනතට අනූව පරීක්ෂණ කළ යුත්තේ පොලීසිය අභ්‍යන්තරයේ කටයුතු මිස මෙවැනි සිවිල් පුද්ගලයින්ට බලපාන ‍කාරණා නොවන  බවත්  ඔහු සඳහන් කළේය.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්පූර්ණයෙන් නීති විරෝධී ඒකකයක් බවත් යම් හෙයකින් එහි නිලධාරියෙකු කවරෙකු හෝ අත්අඩංගුවට ගැනීමට පැමිණියහොත් ගල්ගැසීමට නොකියන බවත්,  දොර පොල්ල ගන්නැයි කියන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

වීඩියෝ - ලංකාදීප

 

Rate this item
(0 votes)