May 07, 2024

'අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා': රනිල්ගේ මඩ දේශපාලනයක් නෑ - මහින්ද කියයි 

තමාගෙන් උදව් ලබාගත් උදවිය පවා තමාට මඩ ගැසුවත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ මඩ නොගසන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩ දේශපාලනයෙන් බැහැර පුද්ගලයකු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“මඩ ගැහිල්ලෙත් සීමාවක්‌ තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් මම මාතරට යන්නත් ඕනෑ සමහරුන්ගෙන් අහලයි. මාතරට යන එන කතා එයාලට කියන්නත් ඕන නැහැ. මම මීට කලිනුත් මාතර ගිහින් තියෙනවා. අද මාධ්‍යය මාව කාටූන්වලට අරගෙන. මම ඒ කාටූන් බලලා ලොකු සතුටක්‌ ලබනවා. මාධ්‍ය මට කවදත් හිතවත්. ඔවුන් සමබර විදියට කතා හසුරුවනවා.“ 

“මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි.“ යැයිද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසී ය.  

වාසුදේව නානායක්‌කාර මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැණවැදීම පිළිබඳව අප නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත්තේ “එයාට ටිකක්‌ කේන්ති ගිහිල්ලා තිබෙනවා. රනිල් මහත්මයා ඔහුට වාඩිවෙන්න කිව්වා. නැගිටින්න කිව්වා. නමුත් රනිල් මහත්තයා ළඟ මඩ දේශපාලනයක්‌ නැහැ.“

(දිවයින)

Rate this item
(1 Vote)