May 08, 2024

තිස්‌සමහාරාම සභාපති ලැගුම්හලක බූරුවා ගසද්දී මාට්ටු

තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් 16 දෙනකු බූරුවා ගසමින් සිටියදී පසුගිය 14 වැනි දා අලුයම තිස්‌සමහාරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්‌සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලකදී සභාපතිවරයා ඇතුළු පිරිස රැය පහන් වන තුරා විශාල මුදල් ඔට්‌ටු අල්ලමින් බූරුවා ගසන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක්‌ සිදු කළ පොලිසිය මෙම පිරිස කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරිය බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)