May 04, 2024

මහින්දගේ දේපල ගැන සුමනදාසගෙන් ප්‍රශ්න කරයි 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15) පැය 8ක්‌ ප්‍රශ්න කර ඇත.

රාජපක්‍ෂ පවුලේ ඉඩකඩම්, නිවාස, වත්කම් පිළිබඳ මෙන්ම ඔවුන් සමීපයේ සිටි විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සුමනදාස මහතාගෙන් පොලිසිය තොරතුරු ලබාගෙන ඇතැයි වාර්තා වේ.

රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩකඩම් සඳහා මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ජෝතීෂ්‍ය පිළිබඳ කටයුතු කර ඇත්තේ සුමනදාස මහතා විසින් බව හඳුනාගෙන ඇත.

මෙම ඉඩකඩම්, නිවාස ඇතුළු දේපළ පිහිටි ස්‌ථානයන් පිළිබඳව මෙහිදී සුමනදාස මහතාගෙන් තොරතුරු විමසා ඇති අතර මෙම ප්‍රශ්න කිරීම් හමුවේ සුමනදාස මහතා වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරු 9.00 ට පමණ මූල්‍ය කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි සුමනදාස මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී තිබේ.

ඒ මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි දිනක මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කැඳවීමට නියමිතය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 June 2015 15:50