May 04, 2024

ජනපති සොයුරු ඝාතනයේ සැකකරුගේ තවත් වරදක් හෙළි වෙයි

ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා ඝාතනය කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ සෝදිසියක දී මෙම ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳව දිසා විනිසුරුවරයාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඔහුට දඬුවම් ලබාදීමට නියමිත බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

තවද මෙම සැකකරුට ජංගම දුරකථනය ලැබුණේ කෙසේද සහ ඒ මගින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද නිලධාරීහු සඳහන් කළහ.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 June 2015 21:05