May 03, 2024

යාපනය සිසුවියගේ 'මව සහ සොහොයුරා' සාක්ෂි විමසද්දී සිහිසුන් වෙයි

යාපනයේ පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් යමින් සිටියදී දූෂණය කොට  මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) නැවත කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව හා සහෝදරයාගේ සාක්කි කැඳවන අවස්ථාවේ ඔවුන් සිහි මුර්ජා වී රෝහල්ගත කළ බව අප වාර්තාකරු පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31), මහාලිංගම් සුෂිදරන් (30), ශිවදේවන් තුෂාන්තන් (23), පී.කුගදාසන් (26) , ජෙයකරන් ගෝපිතන් (26) හා මහාලිංගම් සෂිකුමාර් (41) සහ එකම පවුලේ තිදෙනකු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් හා පූබාලසිංහම් තවකුමාර් යන සැකකරුවන් යළි  ජුලි 13වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් අදාළ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයට පැවරීමටත් කයිට්ස් මහේස්ත‍්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 20:41