May 04, 2024

20 හදිස්සි කළොත් අපේක්ෂා නොකරන නීති සම්මත වෙයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ සම්මත කර ගැනීමට යාමෙන් ජනතාව අපේක්‍ෂා නොකරන ආකාරයේ නීතියක් සම්මත විය හැකි බව පැවසේ.

විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොළඹදී අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 237 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත මෙතෙක් සකස් කර නොමැති බවද අජිත් පී පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්හ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවදුරටත් කල්දැමීම සුදුසු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

 

Rate this item
(0 votes)