May 03, 2024

එජාප මහර සංවිධායක ධූරය හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට 

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පත්වීම් ලිපිය ලබා ගත්තේය.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සේවය කරමින් සිටිය දී කළ වැටලීමකින් පසු ඔහුට මරණ තර්ජනය එල්ලවූ අතර ඉන් පසු ඔහු රට හැර ගොස් තිබිණි.

පසුගිය ජනවාරි 08 වැනිදා සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසු ඔහු නැවත මෙරටට පැමිණියේය.

Rate this item
(0 votes)