May 03, 2024

කොටකෙතන ඝාතනයේ නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් පෙත්සමක්

කොටකෙතන මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කලේය.

එම පෙත්සම මගින් නීතිපතිවරයා අවධාරණය කර ඇත්තේ අදාළ තීන්දුව ගැන යළි සලකා බලන ලෙසයි.

බී. නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකුගම් හේවගේ මිථිල යන එම විත්තිකරුවන්ට එරෙහිව නැවතත් නඩුවක් කැදවන ලෙස ද එහිදි නීතියට අනුව දඬුවම් කරන්නැයි ද නීතිපතිවරයා ඉල්ලා සිටි.

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක අභිරහස් ලෙස ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් තිදෙනෙකු පසුගිය මස 28 වැනිදා නිදොස් කොට නිදහස් කෙරිණ.

එම තීන්දුව සම්බන්ධයෙන් මෙරට කාන්තා සංවිධානයක්ද  අදාළ තීන්දුව ගැන යළි අභියාචනයක් කිරීමට මැදිහත් වන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

Rate this item
(0 votes)