May 14, 2024

විදුලි බිලේ නව වෙනසක්! 

ඔක්තෝම්බර් මස සිට නව විදුලි අය ක්‍රමයක් ඇති කරන බවත්, ඉන්පසු ලංකා විදුලි බලමණ්ඩලයේ ඉලක්කයක්වන රටපුරා විදුලිය බලය ලබාදීම 100% කින් සපුරා ගත හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (14 වැනි දා) බොරුල්ල උපාධීධාරී කාන්තා සංගම් ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිණි.

"විදුලි කප්පාදුව පිළිබඳ කිසිදු අදහසක් නැහැ. පසුගිය පාලන සමයේ ඩිසල් බලාගාරවලින් ඒකකයක් රුපියල් 30ක් වැනි මුදලක් වැය කර ලබාගත් විදුලි ඒකක වෙනුවට රුපියල් 17කට විදුලි ඒකකයක් ලබා ගැනීමට උතුරු ජනනි බලාගාරයෙන් හැකි වී තිබෙනවා.

40% ක් රටපුරා බෙදා හරිණු ලැබූ විදුලිය අද වනවිට 90% මට්ටම තෙක් පැමිණ තිබෙනවා. මේ වනවිට රටේ ජනගහණයෙන් 64,000 පමණ ප්‍රමාණයක් තමන්ට අයිති නැති නිවාසවල ජීවත් වනවා. එවැනි සමාජ ප්‍රශ්ණ තිබුණ ද ඔක්තෝබර් මස සිට අරඹන නව විදුලි ක්‍රමය මගින් සෑම දෙනාටම විදුලිය ලබා දීමට කටයුතු කරනවා.

අද වනවිට විදුලි බල මණ්ඩලය මූල්‍යමය ලෙස ස්වාධීනත්වයට පත් ව තිබෙනවා. මේ වනවිට සාර්ථක ලෙස ලාභ ඉපැයීමක් සිදු කර තිබෙනවා. පසුගිය පාලන සමයේ වසරකට මිලියන 3,600 ත් ලබා දී ඩීසල් බලාගාර පවත්වාගෙන ගියා. මෙවැනි අතිවිශාල මුදල් පරිහරණය නිසා එහි සමගම සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් බිහි වුණා. ඒ නිසා දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් නොවන ස්වාධීන වෘත්තීය සමිතියක් ලංකා විදුලි බලමණ්ඩලයට අවශ්‍යව තිබුණා. මේ වසරේ සිට ඉන්ධන සඳහා මුලිකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙල් ගල් අඟුරු ගෑස් විදේශ රටවලින් ගෙන්වනනේ. එයට ලබන මස සිට ටෙන්ඩර් කැඳවනවා. මන්නාරම් ධ්‍රෝණියේ ගෑස් සම්පත උකහා ගෙන ලංකාවේ භාවිතයට ගැණිමට උත්සහ කරනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

 

Rate this item
(0 votes)