May 15, 2024

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් 

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (15) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එහිදී විශේෂයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ සඳහා දින නියම කර ගැනීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන ජූලි මස 04 වැනිදා විවාදයට ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 11 වැනිදා පැවැසීය. 

විශ්වාසභංග යෝජනාව මීළඟ සැසිවාරයේදී පැවැත්වීමට එකඟවන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා, මුදල් ඇමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් සභානායකවරයා සඳහන් කළේ 'ඔයගොල්ලට ඕන වෙලාවට විවාද කරන්න ඉඩ දෙන්න බැහැ. අපිට ඕන වෙලාවටයි විවාදය පවත්වන්නේ. ජූලි 4 වැනිදාට විශ්වාසභංග යෝජනාව විවාද කරනවා. ලබන සැසිවාරයේදී විවාද කරන්නෙ නැහැ.‘ යනුවෙනි. 

Rate this item
(0 votes)